සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් ‘මිදිගම චූටි’ ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (30)
අලුයම දිවයිනට රැගෙන ආවා.
ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට මෙරට අධිකරණ කීපයකදීම චෝදනාවට ලක් වී ඇති අයෙක්.
මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේද නිකුත් කර තිබූ අතර , ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටිය දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන ආ ‘මිදිගම චූටි’ එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වුණේ.













