සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ එකඟතාවය (ඡායාරූප)

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසර වලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොළී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර ඇති බව එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තුවන බවද කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් අවධාරණය කර තිබෙනවා.

කොරියානු එක්සීම් බැංකුවේ අධ්‍යක්ෂ වොන්සුක් හා (Won-suk HA), නියෝජ්‍ය අධ්‍යක්ෂ හනුයි හන් ( Hanui Han) , ව්‍යාපෘති කළමනාකාර නලින් ජයතුංග යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Image 2024 10 03 at 19.50.05 2
WhatsApp Image 2024 10 03 at 19.50.04 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53