සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගන්නේ නඩුව අවසන් වූ පසුවයි

සංවර්ධන නිලධාරීන් ව රාජ්‍ය සේවයට ගුරු වෘත්තිකයින් ලෙස බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මේ වනවිටත් 2019 වර්ෂයේ දී බඳවාගත් සංවර්ධන නිලධාරීන් රාජ්‍ය සේවකයින්ගේ ගණයට අයත් වන බවත්; එලෙස පත්වීම් 20,00ක් ලබා දී පළාත් පාසල්වල පුහුණුවීම් සඳහා ඔවුන්ව යොමු කළ බවයි.

මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූල ව පමණක් බවට ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාව ද ඇති ව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කර, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇති ව, බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා, එම විභාගය 2023-03-25 දිනට නියම කර තිබිය දී 2023-03-23 දින මෙම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් ගැනීම නිසා එම නඩුව තවමත් විභාග වෙමින් පැවතීම මීට හේතුවක් බව ද එහි සඳහන්.

මෙම බඳවාගැනීමට බාධාවක් නොවන ලෙස මෙම නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය වී ඇති බව ද නිවේදනයේ දැක්වෙනවා.

ගුරුවරුන් විශ්‍රාම යාම හා සේවය හැරයාම මත ඇති වූ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් බලධාරීන් කටයුතු කර ඇති බවත්; විද්‍යා, ගණිත, විදේශ භාෂා උපාධිධාරීන් බඳවාගැනීමට ගුරුසේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම බඳවාගැනීම් මගින් පුහුණු වන සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමට බලපෑමක් ඉන් ඇති නොවන බවත්;
එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරනු ලබන බවත් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?