spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගන්නේ නඩුව අවසන් වූ පසුවයි

සංවර්ධන නිලධාරීන් ව රාජ්‍ය සේවයට ගුරු වෘත්තිකයින් ලෙස බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මේ වනවිටත් 2019 වර්ෂයේ දී බඳවාගත් සංවර්ධන නිලධාරීන් රාජ්‍ය සේවකයින්ගේ ගණයට අයත් වන බවත්; එලෙස පත්වීම් 20,00ක් ලබා දී පළාත් පාසල්වල පුහුණුවීම් සඳහා ඔවුන්ව යොමු කළ බවයි.

මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූල ව පමණක් බවට ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාව ද ඇති ව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කර, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇති ව, බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා, එම විභාගය 2023-03-25 දිනට නියම කර තිබිය දී 2023-03-23 දින මෙම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් ගැනීම නිසා එම නඩුව තවමත් විභාග වෙමින් පැවතීම මීට හේතුවක් බව ද එහි සඳහන්.

මෙම බඳවාගැනීමට බාධාවක් නොවන ලෙස මෙම නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය වී ඇති බව ද නිවේදනයේ දැක්වෙනවා.

ගුරුවරුන් විශ්‍රාම යාම හා සේවය හැරයාම මත ඇති වූ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් බලධාරීන් කටයුතු කර ඇති බවත්; විද්‍යා, ගණිත, විදේශ භාෂා උපාධිධාරීන් බඳවාගැනීමට ගුරුසේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම බඳවාගැනීම් මගින් පුහුණු වන සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමට බලපෑමක් ඉන් ඇති නොවන බවත්;
එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරනු ලබන බවත් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?