සංචාරයකට පැමිණි විදේශීය යුවළකගේ ලක්ෂ ගණනක භාණ්ඩ සොරකම් කරයි

වස්කඩුව ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවළකට අයත් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් විදේශ මුදල් ඇතුළු වටිනා දේපළ බහා තිබූ සේප්පුවක් ඊයේ (5) රාත්‍රී සොරාගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ සොරකම් කළ දේපළ අතර රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පවුම් තොගයක්, අත් පළඳනාවක්, මුදු, ඔරලෝසුවක් ඇතුළු තවත් භාණ්ඩ වන බවයි.

සති දෙකකට පමණ ඉහත දී මෙරට සංචාරයට පැමිණ එංගලන්ත ජාතික යුවළ එම හෝටලයේ නවාතැන් ගෙන තිබූ අතර  ඊයේ රාත්‍රී ඔවුන් තම කාමරය පෙනෙන දුරින් ආහාර ගනිමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු කාමරයට සූක්ෂම ලෙස ඇතුළු වී  වටිනා බඩුබාහිරාදිය දැමීමට හෝටලයෙන් ලබාදුන් සේප්පුවක් බඳු ලොකරය රැගෙන ගොස් තිබූ බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ ආරක්ෂක නිලධාරියාගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඉතා ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවටයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22