logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ලංකාවේ සංචාරයකට ආ ඊශ්‍රායල ජාතික කාන්තාවක් අතුරුදන් (ඡායාරූප)

මෙරට සංචාරයක නිරතව සිටි 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික කාන්තාවක් අතුරුදන්ව තිබෙනවා.

තමර් අමිතායි නැමැති මෙම කාන්තාව පසුගිය බ්‍රහස්පතින්දා (27) දිනයේ සිට මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්දධයෙන් උප්පුවේලි පොලිසිය වෙත පැමිණිලක් ද ලැබී ඇති බව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අප සමඟ පැවසුවා.

මෙම ඊශ්‍රායල ජාතික කාන්තාව සංචාරයක් සඳහා පසුගිය 22 වනදා ලංකාවට පැමිණ ඇති ආතර, අනතුරුව ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය විසින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදුකළ වෙන්කර ගැනීමක් මගින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි රොලෙක්ස් නැමැති තානායමේ නවාතැන් ගෙන සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඇය පසුගිය 27වනදා සිට අතුරුදන්ව ඇති බවට තානායමේ හිමිකරුවන් විසින් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන සිදුකරමින් පවතින බවයි උප්පුවේලි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මෙම කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් 071 8591179 යන දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මෙම විදෙස් ජාතික කාන්තාවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යයේ ද දැඩි කතාබහක් මතුව තිබෙනවා.

අතුරුදන්ව සිටින කාන්තාවගේ ඡායාරුපය පහතින්.

1 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?