ලංකාවේ සංචාරයකට ආ ඊශ්‍රායල ජාතික කාන්තාවක් අතුරුදන් (ඡායාරූප)

මෙරට සංචාරයක නිරතව සිටි 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික කාන්තාවක් අතුරුදන්ව තිබෙනවා.

තමර් අමිතායි නැමැති මෙම කාන්තාව පසුගිය බ්‍රහස්පතින්දා (27) දිනයේ සිට මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්දධයෙන් උප්පුවේලි පොලිසිය වෙත පැමිණිලක් ද ලැබී ඇති බව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අප සමඟ පැවසුවා.

මෙම ඊශ්‍රායල ජාතික කාන්තාව සංචාරයක් සඳහා පසුගිය 22 වනදා ලංකාවට පැමිණ ඇති ආතර, අනතුරුව ඇය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය විසින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදුකළ වෙන්කර ගැනීමක් මගින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි රොලෙක්ස් නැමැති තානායමේ නවාතැන් ගෙන සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඇය පසුගිය 27වනදා සිට අතුරුදන්ව ඇති බවට තානායමේ හිමිකරුවන් විසින් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන සිදුකරමින් පවතින බවයි උප්පුවේලි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මෙම කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් 071 8591179 යන දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මෙම විදෙස් ජාතික කාන්තාවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යයේ ද දැඩි කතාබහක් මතුව තිබෙනවා.

අතුරුදන්ව සිටින කාන්තාවගේ ඡායාරුපය පහතින්.

1 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06