Empty Ad
AFC Banner
Empty Ad

සංචාරක කාන්තාවගේ බෑගය පැහැරගත් සැකකරුවන් ළමයින් දෙදෙනෙකුගේ සහායෙන් අල්ලයි

සීගිරිය නැරඹීමට ගිය තුර්කි ජාතික සංචාරක කාන්තාවකගේ බෑගය සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකුගේ සහායෙන් සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.

අද උදෑසන මෙම කාන්තාව සීගිරියට ගොස් ඇති අතර, ඇය යතුරුපැදියකින් පැමිණ හරස් මාර්ගයකින් නැවත සිය නවාතැනට යමින් සිටියදීයි ගමන් බෑගය සැකකරුවන් විසින් පැහැරගෙන ඇත්තේ.

සැකකරුවන් මෙම සංචාරක කාන්තාවට පහරදී ඇයගේ මුදල් සහිත බෑගය පැහැරගෙන ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව සඳහන්.

යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී රිය පැදවීම නිරීක්ෂණය කළ ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙකු එම යතුරුපැදි අංකය සටහන් කර දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.

කොල්ලය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ළමයින් සංචාරකයා පදිංචිව සිටි නවාතැනේ හිමිකරුට යතුරුපැදි අංකය සම්බන්ධයෙන් දැනුම්දී පසුවයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

සීගිරිය පොලිසිය විසින් විනාඩි 45ක් ඇතුළත සැකකරුවන් ලුහුබැඳ ගොස් ඇමෙරිකානු ඩොලර් 225ක් සහ රුපියල් 20,000 ක් තිබූ බෑගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන්ගේ පහරදීම හේතුවෙන් තුර්කි ජාතික සංචාරක කාන්තාව සීගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසියට තොරතුරු ලබාදුන් දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 13ක් සහ 12ක් වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක මෝදි උත්සවයට - ආචාර වෙඩි මුර ගහලා වැඩේ පටන් ගත්ත හැටි
08:36
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
<p>?</p>