AFC Banner
Empty Ad
Empty Ad

සංචාරකයින්ගේ පැමිණීම සිඝ්‍රයෙන් පහළට

මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පිළිබඳ සැලකීමේදී පෙනී යයි. ඒ අනුව පසුගිය 05වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,997දෙනෙකු පමණයි.

මාර්තු මාසයේදී දෛනිකව සංචාරකයන් 4,000ත් 5,000ත් අතර පිරිසක් මෙරටට පැමිණියහ. නමුත් මේ මස පළමුවැනිදා සිට මෙරටට දෛනික සංචාරක පැමිණීම ක්‍රමානුකූලව අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව අප්‍රේල් පළමුවැනිදා සංචාරකයන් 3,222දෙනෙකු හා දෙවැනිදා 4,114දෙනෙකු පැමිණ ඇති නමුත්, අප්‍රේල් තුන්වැනිදා හා හතරවැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 2800කට ආසන්න ගණනකි.

ඒ අනුව මෙම මාසයේ මුල් දින 05 තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 14,836කි. නමුත් මාර්තු මාසයේ මුල් සතිය තුළ මෙරටට සංචාරකයන් 25,507දෙනෙකු පැමිණ තිබේ. එමෙන්ම මාර්තු අවසන් සතිය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 31,184කි.

ඒ අනුව සැලකීමේදී මෙම මාසය තුළ මෙරටට සංචාරකයන් පැමිණීම දිනෙන් දින අඩුව ඇති බව දැකිය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?