සංචාරකයන්ගෙන් ලක්ෂ ගණනක් සොරාගත් සිව් දෙනෙකු අත්අඩංගුවට

බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ජර්මන් ජාතික සංචාරකයන් තිදෙනකු නිවාඩුව ගත කිරීමට පැමිණ සිටින එම නිකේතනයෙන් බැහැරව ගොස් සිටියදී අළුයම් කාලයේ ඇතුළු වූ සොරුන් සිව්දෙනකු විදේශිකයන්ට අයත් විදෙස් මුදල් යුරෝ පන්සීයක්(මෙරට මුදලින් රුපියල් එක්ලක්ෂ අසුපන් දහසක්) , රුපියල් හතළිස් දහසක දේශීය නෝට්ටු, සහ රුපියල් පනස් දහසක් පමණ වටිනා අව්කණ්නාඩි යුගලයක් වන දේපොළ සොරා ගෙන තිබෙන සැකකරුවන් සිව් දෙනකු(3) දින අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

විදේශිකයන් ජනවාරි පළමුවන දින ඔවුන් තාවකාලිකව පදිංචිව සිටින හෙට්ටිමුල්ලේ එම සංචාරක නිකේතනයට උදෑසන පැමිණ බලන විට එය තුළට කිසියම් පිරිසක් ඇතුළු වී ඇති බව දැනගැනීමෙන් පසු කළ සෝදිසි කිරීමේදී මෙම දේපල නැති වී ඇති බව දැනගෙන තිබෙන බවත් පසුව මෙම නිකේතනය හිමිකරු මගින් බේරුවල පොලීසියට කළ පැමිණිල්ල ඔස්සේ පැය විසිහතරක් ඇතුළත සොරකමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා විදේශිකයන්ට අයත් එම දේපල සමඟ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතා පැවසීය.

මෙම විදේශිකයන් මාසයකට වැඩි කාලයකට සංචාරක නිකේතනය කුලී පදනම මත ලබාගෙන මෙරට විවේකය ගත කිරීමට පැමිණ සිටියදී ඉකුත් තිස් එක් වන දින රාත්‍රිය ගත කිරීමට හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට ගොස් නැවත ජනවාරි පළමුවෙනිදා ඔවුන් නැවතී සිටින නිකේතනයට පැමිණ විටකිසියම් පිරිසක් ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබෙන බවත් ඒ අනුව පොලිසියක්‍රියාත්මක වී පළමුව සැකපිට මහ මොළකරු බවට සැකකළ30 හැවිරිදි එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ එම සොරකම පිළිබඳපාපොච්චාරණය කර බවත් ඊට සහය වීමට සැකකරුගේ මිතුරන් තුන් දෙනෙකු වන ගාල්ල ,රත්ගම, බූස්ස ප්‍රදේශ වල පදිංචි 40,37, 28 වයස්වල පසුවනධීවර වෘත්තිකයෙ නියුතු කම්කරුවන් තිදෙනෙකුද කැඳවා මෙම සොරකම සිදුකර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?