සංචරණ සීමා මැද විශ්වවිද්‍යාල වලට අයදුම් කරන හැටි

සංචාරණ සීමා පැනවීම නිසා විශ්වවිද්‍යාල වලට අයදුම් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් නිකුත් කර ඇති අත්පොත ලබාගැනීමට සිසුන්ට නොහැකිව සිටින බව වාර්තා වී තිබෙනවා

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන් වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව තිබෙනවා

මෙවර සිසුන් 195000 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් සිසුන් 41755ක් බඳවා ගැනීමට නියමිතයි

විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා .

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දැනුම්දී තිබෙන පරිදි අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන්නේ ජුනි මස 11 වැනිදායි

කොමිසන් සභාවේ වෙබ් අඩවියෙන් අදාළ අත්පොත බාගත කර ගැනීමේ පහසුකමද සපයා ඇති නමුත් ඊට අදාල පහසුකම් නොමැති සිසුන්ද වනවා

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූවන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිකුත් කර ඇති අත්පොත ලබා ගැනීම සඳහා සංචාරන සීමා පනවා ඇති කාලයේ නිවසින් පිටවීමේ ක්‍රමවේදයක් සැකසීම සුදුසු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුව දී පවසා තිබෙනවා

වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කරන්නේ කොවිඩ් උවදුර නිසා කිසිදු සිසුවෙකුගේ අධ්‍යාපනය අයිතිය අහිමි නොවිය යුතු බවයි

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට හෝ ඥාතියකුට අත්පොත ලබාගැනීම සඳහා නිවසින් පිටවීමට දිනයක් ලබාදීමටත්, එම දිනයේදී පොත් සාප්පු විවෘත කිරීමේ අවස්ථාව ලබා දීමටත් නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?