AFC Banner
AFC Banner
Empty Ad

සංගීතයේ සාරවිට වෙළෙන්ඳා සමඟ ඇති වූ ආරවුල මරණයකින් කෙළෙවර වෙයි – 05ක් රෝහලේ (වීඩියෝ)

වීරකැටිය පොලිස් වසමේ මොරයාය ප්‍රදේශයේ දී සංගීත සංදර්ශනයක් අතර තුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී සිදුකළ පහරදීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ සිදු වූ මෙම ගැටුමෙන් තවත් පස්දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් වීරකැටිය සහ තංගල්ල යන රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (12) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණ සිටි පිරිසක් සහ සංදර්ශන භූමියේ සාරවිට වෙළෙන්දෙකු අතර ඇති වූ ආරවුලක් විසඳීම සඳහා සංවිධායක මණ්ඩලයේ අයෙකු මැදිහත්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ පිරිස විසින් සංවිධායක මණ්ඩලයේ සාමාජිකයාට පහරදීමත් සමඟ සංවිධායක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් විසින් පිහියකින් පහර දී තිබෙනවා.

එම අවස්ථාවේ දී හයදෙනෙක තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, එලෙස රෝහල් ගතකර පිරිසෙන් අයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරයාය දකුණ, වෑකඳවල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් එක් සක්කරුවෙක් වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
7
+1
0
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?