AFC Banner
Empty Ad
Empty Ad

සංගක්කාර කොල්කටා නයිට්වරුන් සමඟ සාකච්ඡාවක

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කුමාර් සංගක්කාර පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

සුපිරි බිලිවුඩ් නළු ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස මීට පෙර ගෞතම් ගාම්භීර් කටයුතු කළ අතර, ඔහු ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමත් සමඟ එම තනතුරෙන් ඉවත් වුණා.

ඒ, අනුව එම කණ්ඩායමේ උපදේශක තනතුරට සංගක්කාර බඳවා ගැනීමට කොල්කටා ෆ්‍රැන්චයිස් හිමිකරුවන් ඔහු සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පසුගිය කාලසීමාව තුළ කටයුතු කළ අතර, තවමත් ඔහු එම ධුරයේ කටයුතු කරනවා.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?