සංගක්කාර කොල්කටා නයිට්වරුන් සමඟ සාකච්ඡාවක

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කුමාර් සංගක්කාර පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

සුපිරි බිලිවුඩ් නළු ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස මීට පෙර ගෞතම් ගාම්භීර් කටයුතු කළ අතර, ඔහු ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමත් සමඟ එම තනතුරෙන් ඉවත් වුණා.

ඒ, අනුව එම කණ්ඩායමේ උපදේශක තනතුරට සංගක්කාර බඳවා ගැනීමට කොල්කටා ෆ්‍රැන්චයිස් හිමිකරුවන් ඔහු සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පසුගිය කාලසීමාව තුළ කටයුතු කළ අතර, තවමත් ඔහු එම ධුරයේ කටයුතු කරනවා.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44