ෂොයිබ් අක්තාර් සහ පාකිස්ථාන ක්‍රිකට් සභාපති මෙරට ක්‍රීඩකයන් අගයයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පාකිස්ථානයේ දී සිදු කරනු ලබන තරග සංචාරය ආරක්ෂක හේතුන් මත අතහැර දැමීමේ තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති, මොහ්සින් නක්වි සහ පාකිස්තානයේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ස්තුතිවන්ත වී තිබෙනවා.

මේ පිළිබද නිල X සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබූ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොහ්සින් නක්වි පවසා ඇත්තේ පාකිස්තාන සංචාරය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් තීරණයට කෘතඥ වන බවයි.

එමෙන්ම ෂොයිබ් අක්තාර් විසින් ”ක්‍රිකට් සමඟ සිටගෙන ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තූතියි.” යනුවෙන් X පිටුවේ සටහනක් තබා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?