spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෂීෂෙල්ස් සිට මංගල ගුවන් යානය කටුනායකට

ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට 06/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් ගමන සදහා එයා බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .

එයා ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 දරන මෙම ගුවන් යානය 06/21 දින අලුයම 04.00 ට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙකු සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙකු ද පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.

මෙතැන් සිට මෙම ෂීෂෙල්ස් ගුවන් යානා සෑම සතියකම දින දෙකක් , එනම් බදාදා සහ ඉරිදා යන දින වල අලුයම 04.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළි උදෑසන 07.30 ට ෂීෂෙල්ස් බලා පිටත්ව යාමට නියමිතය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?