ෂීක් හසීනාගේ රජය පෙරලෙද්දී සැකකරුවන් 700කට වැඩි ගණනක් පැන ගිහිං

බංග්ලාදේශයේ දේශපාලනික වශයෙන් ආන්දෝලනාත්මක චරිතයක් මැවූ හිටපු අගමැතිනි ෂීක් හසීනා ඇතුළු බලාධිකාරී රජය පෙරලීමේ දී සිරකඳවුරුවලින් පැන ගිය සිරකරුවන් 700ක් තවමත් නිදැල්ලේ පසුවන බව එරට ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් මාධ්‍ය පවසා තිබෙනවා.

අගෝස්තු මස 05 වැනිදා හසීනාගේ රජයට එරෙහිව විරෝධතා සමග එරට අග්‍රාමාත්‍ය කාර්‍යාලය විරෝධතාකරුවන්ගේ යටතට ගැනීමේ සිදුවීම් සමග සිරකරුවන් 700කට අධික ප්‍රමාණයක් ඇති වූ කෝලාහලවලින් සිරකඳවුරුවලින් පැන ගොස් ඇති බවත් මෙතෙක් නිල වශයෙන් ඔවුන් හඳුනාගෙන නොමැති බවත් වාර්තා වනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් සයිඩ් මොහොමඩ් මොටාහර් හොසේන් පැවසුවේ, ගණන් නොගත් සිරකරුවන්ගෙන් 70 දෙනෙකු ‘අධි අවදානම්’ ලෙස වර්ග කර ඇති බවයි.

සිද්ධියෙන් පසු සිරකරුවන් 174 දෙනෙකු ඇප මත හෝ වෙනත් ආකාරයකින් නිදහස් කර ඇති අතර ඔවුන් අතර ඉහළ පෙළේ අපරාධකරුවන් 11 දෙනෙකු සිටින බවත් හෙළි ව තිබෙනවා.

“නිදහස් කිරීමේ කාරණය සම්පූර්ණයෙන්ම අධිකරණයේ බලය යටතේ පවතී,” යනුවෙන් බන්ධනාගාර ප්‍රධානීවරයා සඳහන් කළා.

කැරැල්ල අතරතුර පැන ගිය සිරකරුවන් රඳවා තබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

ආගමික නායකයෙකු වන චින්මෝයි ක්‍රිෂ්ණා දාස් පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසු බංග්ලාදේශය යළිත් වරක් කැලඹීමක් අත්විඳිමින් සිටින අවස්ථාවක‍යි ඔහු මෙම ප්‍රකාශය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?