ෂැන්ෂාන් ජපානය කලඹයි

ප්‍රබල සුළි කුණාටුවක් වන ෂැන්ෂාන් සුළි කුණාටුව ජපානයට කඩා වැදීමෙන් පසුව පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) ප්‍රකාශ කරන්නේ, ෂැන්ෂාන්, දකුණු දිග Kyushu දූපතේ, Kagoshima ප්‍රාන්තයට, දේශීය වේලාවෙන් ඊයේ (28) උදෑසන 08ට පමණ කඩාවැදී ඇති බවයි.

වඩාත් ප්‍රචණ්ඩ කුණාටු, නායයෑම්, ගංවතුර සහ මහා පරිමාණ හානි පිළිබඳ අනතුරු ඇඟවීම් සඳහා වන නියෝජිතායතනය සිය දුර්ලභ “විශේෂ අනතුරු ඇඟවීමක්” මේ හේතුවෙන් නිකුත් කර තිබුණා.

දිවයිනෙන් පැයට කිලෝමීටර් 252ක් (පැයට සැතපුම් 157) දක්වා වූ තද සුළං වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ.

මිලියන 12.5ක ජනතාවක් වෙසෙන Kyushu හි ඇතැම් ප්‍රදේශවලට පැය 24ක් තුළ මිලිමීටර් 600ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

නිවාස 25,500කට පමණ මේ වන විට (29) විදුලිය විසන්ධි වී ඇති අතර Kagoshima සහ Miyazaki ප්‍රාන්තවල අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම සතිය මුලදී, ප්‍රාදේශීය ආණ්ඩු විසින් ජපානයේ ප්‍රධාන දිවයින වන Honshu හි මධ්‍යම Shizuoka ප්‍රාන්තයේ පුද්ගලයින් 810,000කට ඉවත් කිරීමේ උපදේශන නිකුත් කරන තිබුණා.

තවත් 56,000 කට Kyushu හි Kagoshima හි ඔවුන්ගේ නිවසින් පිටව යන ලෙස දන්වා ඇති බව එරට ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
17
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34