චීනයේ වඩාත්ම නාගරික අගනගරය වන ෂැංහයි හි මුළු ජනගහනය 2015 සිට තුන්වන වරටත් පහත වැටී ඇති බව ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
කොවිඩ් වෛරසය හමුවේ නගරයට අගුලු දැමීමත් සමග පසුගිය වසරේ සංක්‍රමණික කම්කරුවන් මිලියන හතරක් ද ෂැංහයි නගරයට අහිමි වී තිබුණා.
නාගරික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ෂැංහයි නගරයේ පසුගිය වසරේ මිලියන 24.76ක ජනතාවක් සිටි අතර එය 2021ට සාපේක්ෂව අඩු වී තිබුණේ 135,400කින්.
නාගරික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දෙන්නේ අඩු උපත් අනුපාතය සහ වැඩිවන වයස්ගත ජනගහනය සමඟ රැකියා අපේක්ෂකයින් වෙනත් ප්‍රදේශවලින් පිටවීම ජනගහන පරිහානියට බලපා ඇති බවයි.
වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් ෂැංහයි හි මුළු ජනගහනයෙන් සියයට 18.7ක් වන අතර එය ජාතික සාමාන්‍ය වන සියයට 14.9 ට වඩා බෙහෙවින් වැඩි අගයක්.
දශක හතරකට පසු ෂැංහයි හි ජනගහනය 2015 දී පළමු වරට අඩු වූයේ සංක්‍රමණික සේවකයින් 150,000ක් අහිමි වීම හේතුවෙන්.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ චීනයේ සමස්ත ජනගහනය පහත වැටීමට වසර හතකට පෙර සිටම ෂැංහයි හි මෙම ජනගහන අඩුවීම සිදු වෙමින් පැවත තිබෙනවා.
පසුගිය වසරේ ෂැංහයි නගරයට සංක්‍රමණික සේවකයන් 257,000කට වඩා අහිමි වී තිබුණා.
ෆුඩාන් විශ්ව විද්‍යාලයේ ජනගහන හා සංවර්ධන ප්‍රතිපත්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය පෙන්ග් ෂිෂේ පවසන්නේ චීනයේ මහා පරිමාණ සෞඛ්‍ය පාලන ක්‍රියාමාර්ග මධ්‍යයේ සංචාරක හා ආපනශාලා වැනි සේවා අංශවල සේවකයින් පසුබැසීම ප්‍රධාන වශයෙන් පසුගිය වසරේ පහත වැටීමට හේතු වූ බවයි.
තරුණ රැකියා සොයන්නන්ට චීනයේ වෙනත් තැන්වල වැඩි විකල්ප ඇති බැවින් සමස්ත ප්‍රවණතාව අඛණ්ඩවම පවතිනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.
කෙසේ වෙතත් ෂැංහයි බලධාරීන් පැවසුවේ නගරයේ අඩු උපත් අනුපාතය එහි ජනගහනය අඩුවීමට මූලික හේතුව බවයි.
ෂැංහයි හි වෙසෙන පුද්ගලයින්ගෙන් සියයට 60 කට පමණ අවශ්‍ය වූයේ එක් දරුවෙකු හෝ දරුවන් නොමැතිව සිටීම බව එම බලධාරීන් පෙන්වා දෙනවා.
ෂැංහයි හි ජනගහනය නැවතත් පහතට – සංක්‍රමණික කම්කරුවන් ප්‍රමාණයත් පහළ යයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip



