ෂැංහයි හි ජනගහනය නැවතත් පහතට –  සංක්‍රමණික කම්කරුවන් ප්‍රමාණයත් පහළ යයි

චීනයේ වඩාත්ම නාගරික අගනගරය වන ෂැංහයි හි මුළු ජනගහනය 2015 සිට තුන්වන වරටත් පහත වැටී ඇති බව ප්‍රාදේශීය බලධාරීන්  ප්‍රකාශ කර තිබෙනවා.
කොවිඩ් වෛරසය හමුවේ නගරයට අගුලු දැමීමත් සමග පසුගිය වසරේ සංක්‍රමණික කම්කරුවන් මිලියන හතරක් ද ෂැංහයි නගරයට අහිමි වී තිබුණා.
නාගරික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ෂැංහයි නගරයේ පසුගිය වසරේ මිලියන 24.76ක ජනතාවක් සිටි අතර එය 2021ට සාපේක්ෂව අඩු වී තිබුණේ 135,400කින්.
නාගරික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දෙන්නේ අඩු උපත් අනුපාතය සහ වැඩිවන වයස්ගත ජනගහනය සමඟ රැකියා අපේක්ෂකයින් වෙනත් ප්‍රදේශවලින් පිටවීම ජනගහන පරිහානියට බලපා ඇති බවයි.
වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් ෂැංහයි හි මුළු ජනගහනයෙන් සියයට 18.7ක් වන අතර එය ජාතික සාමාන්‍ය වන සියයට 14.9 ට වඩා බෙහෙවින් වැඩි අගයක්.
දශක හතරකට පසු ෂැංහයි හි ජනගහනය 2015 දී පළමු වරට අඩු වූයේ සංක්‍රමණික සේවකයින් 150,000ක් අහිමි වීම හේතුවෙන්.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ චීනයේ සමස්ත ජනගහනය පහත වැටීමට වසර හතකට පෙර සිටම ෂැංහයි හි මෙම ජනගහන අඩුවීම සිදු වෙමින්  පැවත තිබෙනවා.
පසුගිය වසරේ ෂැංහයි නගරයට සංක්‍රමණික සේවකයන් 257,000කට වඩා අහිමි වී තිබුණා.
ෆුඩාන් විශ්ව විද්‍යාලයේ ජනගහන හා සංවර්ධන ප්‍රතිපත්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය පෙන්ග් ෂිෂේ පවසන්නේ චීනයේ මහා පරිමාණ සෞඛ්‍ය පාලන ක්‍රියාමාර්ග මධ්‍යයේ සංචාරක හා ආපනශාලා වැනි සේවා අංශවල සේවකයින් පසුබැසීම ප්‍රධාන වශයෙන් පසුගිය වසරේ පහත වැටීමට හේතු වූ බවයි.
තරුණ රැකියා සොයන්නන්ට චීනයේ වෙනත් තැන්වල වැඩි විකල්ප ඇති බැවින් සමස්ත ප්‍රවණතාව අඛණ්ඩවම පවතිනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.
කෙසේ වෙතත් ෂැංහයි බලධාරීන් පැවසුවේ නගරයේ අඩු උපත් අනුපාතය එහි ජනගහනය අඩුවීමට මූලික හේතුව බවයි.
ෂැංහයි හි වෙසෙන පුද්ගලයින්ගෙන් සියයට 60 කට පමණ අවශ්‍ය වූයේ එක් දරුවෙකු හෝ දරුවන් නොමැතිව සිටීම  බව එම බලධාරීන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02