බහුවිධ භාෂාමය උරුමය අභියෝගයක් නොව, අගය කළ යුතු ශක්තියක් – අගමැතිනිය

භාෂාමය උරුමයන් සුරක්ෂිත කිරීම සංස්කෘතික වගකීමක් පමණක් නොව, එය ලෝකයේ පවතින විවිධත්වය රැකගැනීම සඳහා වූ පොදු කැපවීමක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ අද (13) පැවැති ‘ජාත්‍යන්තර මව් භාෂා දින’ සැමරුම් උළෙලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකා බාලදක්ෂ සහ බාලදක්ෂිකා සංගම්වල සහයෝගය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර විවිධ හඬවල්, පොදු මනුෂ්‍යත්වය’ යන්න මෙවර තේමාවයි.

මෙහිදී ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන ලද චිත්‍ර, රචනා සහ කෙටි වීඩියෝ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන්ට සහතික පත්‍ර සහ සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යවරිය අතින් සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ ජාත්‍යන්තර මව් භාෂා දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා බංග්ලාදේශය ගත් මූලිකත්වය අගය කරන බවයි.

එය ජාතික සැමරුමක සිට ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්තමානය වන විට පරිවර්තනය වී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ පවතින බහුවිධ භාෂාමය උරුමය කළමනාකරණය කළ යුතු අභියෝගයක් නොව, අගය කළ යුතු ශක්තියක් බව අවබෝධ කර ගතයුතු බවයි අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම අවස්ථාවට බංග්ලාදේශ මහ කොමසාරිස් Andalib Elias,, නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, FAO ශ්‍රී ලංකා හා මාලදිවයින නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් ඇතුළු තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පාසල් දරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00