ෂර්මා නමින් වන්කඩේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක්

පසුගිය දා ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ෂර්මා නමින් මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් නම් කරන්නට ඊයේ කටයුතු කළා.

පවුලට සැමවිටම මුල් තැන දී කටයුතු කරන ක්‍රීඩකයෙක් වන රෝහිත්; ඔහුගේ දෙමව්පියන් සහ බිරිඳ ඔහු අසල නොමැතිව ඔහුගේ ජීවිතයේ සුවිශේෂී මොහොතක් භුක්ති විඳින ආකාරය දැකගැනීමට නොහැකි වුණා.

ඒ අනුව මෙම අවස්ථාවට ෂර්මාගේ මව, පියා මෙන්ම ඔහුගේ බිරිඳවන රිතිකා ද එක්ව සිටි අතර, ඒ මොහොත ඉතා සංවේදී අවස්ථාවක් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මුම්බායි ක්‍රිකට් සංගමය විසින් ශර්මාට ලබාදුන් මෙම ගෞරවය මීට පෙර සුනිල් ගවස්කාර්, සචින් තෙන්ඩුල්කාර්, විනූ මන්කාඩ් සහ දිලිප් වෙන්ග්සාර්කාර් යන හිටපු ඉන්දීය ක්‍රීඩකයින්ට ද ලබා දී තිබෙනවා.

ඊයේ මෙම අවස්ථාවේ දී රෝහිත් හැඟීම්බර කතාවක් කරමින් ඔහු සඳහන් කළේ නුදුරු අනාගතයේ දී වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව වෙනුවෙන් එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.

ඇතැම් විට ශර්මා ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩාකරන අවසන් තරගය එය වනු ඇති බවයි ඉන්දීය මධ්‍ය මේ වනවිට මතපළ කර ඇත්තේ.

“පළමුව, මෙම උත්සවය මෙතරම් සුවිශේෂී කිරීමට මෙහි පැමිණි සැමට මම ස්තූති කිරීමට කැමතියි. අද සිදුවීමට යන දේ, මම කවදාවත් ඒ ගැන සිහිනෙන්වත් හිතුවේ නැහැ. හැදී වැඩෙන, මුම්බායි වෙනුවෙන්, ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමති දරුවෙකු ලෙස, කිසිවෙකු මෙවැනි දේවල් ගැන සිතන්නේ නැහැ. මට නම් එය තම උපරිමය ලබාදීමට කැමති වෙනත් ඕනෑම ක්‍රීඩකයෙකු වගේ. ජාතියට, රටට හැකි තරම් සේවය කරන්න. එසේ කරන අතරතුර ඔබ බොහෝ දේ අත්කර ගැනීමට උත්සාහ කරනවා, බොහෝ සන්ධිස්ථාන නිර්මාණය වේවි, නමුත් මේ වගේ දෙයක් ඇත්තෙන්ම විශේෂයි. වන්කඩේ යනු ඉතා සුවිශේෂී ක්‍රීඩාංගනයක්, මෙහි බොහෝ මතකයන් තිබෙනවා” යනුවෙන් රෝහිත් එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?