ෂම්මිට ICCයෙන් එකවර තනතුරු ත්‍රිත්ත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස සිව්වැනි වරටත් පත් වූ ෂම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ද ප්‍රධාන කමිටු ත්‍රිත්ත්වයකට පත් කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC)
▪︎ මානව සම්පත් සහ වේතන කමිටුව (HR & Remuneration Committee)
▪︎ මූල්‍ය සහ වාණිජ කටයුතු කමිටුව (Finance & Commercial Affairs Committee)
▪︎ නාමයෝජනා කමිටුව (Nominations Committee)

යන තුන් අංශ වෙතයි ෂම්මි ව පත් කර ඇත්තේ.

පසුගියදා (31) ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත් වුණා.

ක්‍රිකට් මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී (AGM) ඔහු නැවත තේරී පත් වූ අතර, 2025 සිට 2027 දක්වා වසර දෙකක කාලයක් සඳහා මෙම පත්වීම බලපැවැත්වෙනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 කාලසීමාව සඳහා පහත සඳහන් නිලධාරීන් ද නිතරගයෙන් තේරී පත් ව තිබෙනවා.

උප සභාපති – ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න
ලේකම් – බන්දුල දිසානායක
භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද
සහකාර ලේකම් – ක්‍රිශාන්ත කපුවත්ත
සහකාර භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
15
+1
1
+1
3
+1
2
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
00:00
Video thumbnail
අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?..ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42
Video thumbnail
කොලොන්නාවේ තෙල් ගබඩා පර්යන්තයේ දැන් වෙන දේ මෙන්න
00:23
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
28:33