ශූරයින්ගේ කුසලානයේ දී ඔස්ට්‍රෙලියාවට හා දකුණු අප්‍රිකාවට වැස්ස හරස් වෙයි

2025 ශූරයින්ගේ කුසලානයේ ඊයේ (25) ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වන්නට නියමිත තරගය කිසිදු පන්දුවක් නො යවා අතහැර දැමීමට සිදුවුණා.

ඒ රාවල්පිණ්ඩි වෙත ඇදහැලුණු මහා ධාරාණිපාත වර්ෂාව හේතුවෙන්.

මේ හේතුවෙන් දෙපිළටම එක් ලකුණක් බැගින් හිමිවනු ඇති.

ඒ අනුව B කාණ්ඩයෙන් තරග වැදි දෙපිළම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි තැන හිමිකරගෙන සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 03 බැගින් හිමිකරගනිමින් සහ පැවති පළමු තරගය ද ජය ගනිමින්.

අද (26) පස්වරුවේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?