Empty Ad
AFC Banner
Empty Ad

ශූරයින්ගේ කුසලානයට ටික ටික ළංවෙන ඇෆ්ගනුන් අද කැන්ගරුවන්ට එරෙහිව පිටියට

ශූරයින්ගේ කුසලානයට ටික ටික ළංවෙන ඇෆ්ගනුන් අද කැන්ගරුවන්ට එරෙහිව පිටියට

2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවක් තබාගෙන ප්‍රබල ඔස්ට්‍රෙලියාවට එරෙහිව ඇෆ්ගනිස්තානය අද (28) පස්වරුවේ තරග බිමට පිවිසෙනවා.

දෙරට අතර තරගය පස්වරු 02.30ට ලාහෝර් නුවර දී ආරම්භ වීමට නියමිතයි.

‘බී’ කාණ්ඩයෙන් තරග වදින ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්තානය මේ වනවිට තරග දෙකකට ක්‍රීඩා කර ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් කැන්ගරුවන් දෙවැනි තැනත් ඇෆ්ගනුන් තෙවැනි තැනත් හිමිකරගෙන සිටිනවා.

ඔස්ට්‍රෙලියාව එංගලන්තය සමග පැවති පළමු තරගය ජයගත්ත ද, දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට තිබූ තරගය අයහපත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ඇෆ්ගනිස්තානය දකුණු අප්‍රිකාව හමුවේ පළමු තරගය පරාජයට පත් වුව ද දෙවැනි තරගය එංගලන්තය පරදා ජය ගැනීමත් සමග ඔවුන් මේ වනවිට ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා වටයට සුදුසුකම් ලබා ගැනීමේ හිණිපෙත්තටම නැග අවසන්.

එබැවින් අවසන් පූර්ව වටයේ ආසනය ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට අවශ්‍ය නම් අද තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ස්ටීවන් ස්මිත් මෙහෙයවනු ලබන අතර හෂ්මතුල්ලා ෂහිඩි ඇෆ්ගනිස්තානය මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?