ශුබ්මන් ගිල් යළි ඉන්දියාවට එව්වේ විනය ගැටළුවක් නිසා ද ?

20-20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවක් වන ශුබ්මන් ගිල් විනය ගැටළුවක් හේතුවෙන් යළි ඉන්දියාව බලා පිටත්කර යැවීමට තීරණය කර ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.

කෙසේ වෙතත් එම පුවත ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර් සඳහන් කළේ.

මේ වනවිට ලෝක කුසලාන තරගවලියේ සුපිරි 08 දෙනාගේ වටය සඳහා තේරීපත්ව සිටින ඉන්දියාව සුපිරි 08 වටයේ තරග සඳහා ඇමරිකාවේ සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයට යෑමට නියමිතයි.

එලෙස කොදෙව් දේශයට යන ඉන්දීය සංචිතයේ සිටින අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනාගෙන් දෙදෙනක් පමණක් සුපිරි 08 දෙනාගේ තරග වටයට රැගෙන යාමටයි තීරණය කර ඇත්තේ.

ඒ, අනුව රින්කු සිං සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඛලීල් අහමඩ් පමණක් සුපිරි 08 තරග වටය වෙනුවෙන් ඉන්දීය සංචිතයේ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් ශුබ්මන් ගිල් සහ වේග පන්දු යවන ක්‍රීඩක අවේෂ් ඛාන් ඉන්දීය සංචිතයෙන් නිදහස් කිරීමට කටයුතු කළ බවයි වික්‍රම් රතෝර් පැවසුවේ.

ඒ, අනුව විනය ගැටළුවක් හේතුවෙන් ශුබ්මන් ගිල් ඉන්දියාවට එවීමට කටයුතු කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සත්‍ය බව වික්‍රම් රතෝර් වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
18
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46


?