ශීත ඍතුවේ දී පකිස්ථානයේ බටහිර මායිම්වල ත්‍රස්ත ප්‍රහාර ඉහළ යයි

ශීත සෘතුවේදී පාකිස්ථාන බටහිර කැරේස් දේශසීමාවට එල්ල වන ත්‍රස්ත ප්‍රහාරවල ඉහළ යාමක් දැකිය හැකි බව පාකිස්ථානයේ පහෙන්ජි අක්බාර් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් මෙම ප්‍රහාර සිදු කරන්නේ ISIS, තලේබාන් කණ්ඩායම් වන අතර මේ වන විට එම ප්‍රහාරවලට ඇෆ්ගනිස්ථාන හමුදාද සම්බන්ධ වන බවයි.

2014 දෙසැම්බර් 16 වැනිදා  පාකිස්ථානයේ හමුදා පොදු පාසලකට ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

ශීත ඍතුවේ දීම තවත් ප්‍රහාරයක් එල්ල වී තිබුණේ බචා ඛාන් විශ්වවිද්‍යාලයටයි.

එම සිදුවීම් එරට ජනතාවගේ මතකයෙන් ගිලිහී නොමැති අතර මෙම ශීත ඍතුවේ දී ද ස්වැට්,වසිරිස්තානය, සහ ක්වෙටා ආදී ප්‍රදේශවලින් ප්‍රහාර වාර්තා වී තිබෙනවා.

මේ අතර පකිස්ථානය සහ තලේබාන් සංවිධානය අතර පසුගිය වසරේ ජුනි මාසයේදී අත්සන් තැබුණු සටන් විරාම ගිවිසුම අවසන් වී තිබෙනවා.

මෙවර ශීත ඍතුව දිගු විය හැකි බැවින්  මෙවර එය පකිස්ථානයට යහපත් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පසුබිම යටතේ පාකිස්තාන-ඇෆ්ගන් චමන් දේශසීමාවේ පවතින නොසන්සුන් තත්ත්වය සමනය කිරීම සඳහා පූජකවරුන්, ප්‍රාදේශීය වැඩිහිටියන් සහ වෙළඳුන්ගෙන් සමන්විත 16 දෙනෙකුගෙන් යුත් ජිර්ගා කමිටුව තහෙරික් ඊ තලේබාන් සංවිධායේ   නායකත්වය සමඟ සාකච්ඡා කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය බලා පිටත්ව ගිය බව Geo News වාර්තා කළා.

රටින් පිටවීමට පෙර මාධ්‍යවේදීන් අමතමින් මුෆ්ටි මුහම්මද් කාසිම් කියා සිටියේ ඔවුන් වෙත සාමය සහ මිත්‍රත්වයේ පණිවිඩයක් රැගෙන යන බවයි.

ඊට ඇෆ්ගන් බලධාරීන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණු  බවද ඔහු ප්‍රකාශ කළා.

සාකච්ඡාවලින් පසුව, පවතින ආතතිය පහව යනු ඇති බවටයි ඊට එක්වන මලික් අබ්දුල් කාලික් අචක්සායි බලාපොරොත්තු වන්නේ.

කෙසේ වෙතත් පෙෂාවර්, දකුණු දිස්ත්‍රික්ක සහ මර්දාන් ප්‍රදේශය ඇතුළු ප්‍රදේශවලට මෑත කාලීනව  ප්‍රහාර වැඩිවීමෙන් පසු පොලිසිය පළාත පුරා සීරුවෙන් තැබීමට පියවර ගෙන තිබෙනවා.

Geo News වාර්තා කරන්නේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව අගෝස්තු මැද සිට නොවැම්බර් අවසන් සතිය දක්වා අවම වශයෙන්  එම ප්‍රදේශයේ ත්‍රස්තවාදී සිදුවීම් 118 ක් වාර්තා වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22