වෙළෙඳපොළ ගුණාත්මක භාවයෙන් තොර ශීත කළ ආහාර අලෙවි කළ වෙළෙඳුන් 387 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ පසුගිය සති 02ක කාලය තුළ පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී එම පියවර ගත් බවයි.
වර්තමානයේ විටින්විට සිදුවන විදුලි කප්පාදුව සමග ශීතකරණවල තිබෙන ආහාරවල ගුණාත්මකභාවයේ වෙනස්වීම් ඇති වී තිබෙන බවයි ඔහු සඳහන් කළේ.
මේ හේතුවෙන් වෙළෙඳපොළේ ශීත කළ ආහාර මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සැලකිලිමත් වියයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.
ශීතකරණවල තිබෙන මස් වර්ග සහ කිරි නිෂ්පාදනවල එලෙස විදුලි කප්පාදුවත් සමග ප්‍රමිතියේ වෙනස්වීම් සිදුවී ඇති බව වාර්තා වෙයි.














