AFC Banner
Empty Ad
Empty Ad

ශිහාන් මල්ලී! මේක නිවැරදි වෙන්න කාලයයි… මම ඔයාව බලන් ඉන්නවා…!

ශිහාන් මිහිරංග කියන්නේ අපට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය කෙනෙක් නෙමෙයි. අදටත් නොඅඩුව රසික ආදරේ ලබන ඒ කඩවසම් ගායන ශිල්පියා ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සජීවී ගායන රියැලිටිය, හිරු ස්ටාර් හි විනිසුරුවරයෙකු ලෙසත් කටයුතු කරනවා.

පසුගිය දවසක හිරු ස්ටාර් වේදිකාවේ ගී ගයන්න පැමිණි දියණියකට හරි අපූරු උප දෙසක් දුන්නා අපට මතකයි. ඒ වෙලාවේ අපේ රටේ පාලනය කරන පාලකයින් ගැන ශිහාන් බොහෝම තදින් විවේචනය කළා.

මෙය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ අතර ශිහාන් මිහිරංග ගේ ප්‍රකාශය අන්තර්ජාලයට පුරාවටම මාරු උනා. මේ අතර රංගන ශිල්පිනී දමිතා අබේරත්න ශිහාන්ගේ ගේ ප්‍රකාශය ගැන ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

“ශිහාන් මල්ලි, කලාකරුවෙකු ලෙස මට ඔබ ගැන දැනෙන්නේ ආඩම්බරයක්. උඹට මේ වගේ කතා කරන්න ශක්තිමත් කොඳු ඇට පෙළක් තිබීම ගැන මට ආරම්භයට කරුණක්. අපි ඇත්තටම අපේ රටට ආදරෙයි. ඒත් අපිට හොඳ රටක් දෙන්න පුළුවන් විදිහේ බලවත් මිනිස්සු නැහැ. මේ නිවැරදි වීමට කාලයයි. අපේ අනාගත පරපුරට හොඳ රටක් අවශ්‍යයි. මට ඔබ ගැන ආඩම්බරයි ශිහාන් මල්ලි. දිගටම කරගෙන යන්න. ඔබ මේ අපිරිසිදුකම ට විරුද්ධව නැගී සිටිය යුතුයි. මල්ලි දිහා මම බලාගෙන ඉන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
584
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?