ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනකු අත්අඩංගුවට

තලංගම පොලීසිය විසින් අද (02) දින කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එහි තවත් නියෝජිතවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා ප්‍රකාශයක් ලබා ගැනීම සදහා තලංගම පොලීසියට කැඳවා ඇති අතර, නීතිඥවරයකු සමග ඔවුන් පොලිසිය හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

පසුගිය ජුලි 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවකට හානි කළ බවට පොදු දේපළ පනත යටතේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන හෙට (3) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් වන ඩිල්ශාන් හර්ෂණ යන අයයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?