ශිරාන් බාසික්ගේ සෝල් බීච් හෝටලය ගැන පොලිසියෙන් අනාවරණයක් – 14 දෙනෙක් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල ප්‍රදේශයේ පිහිටි සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය දිනවල එය නැවත ඉදිකිරීම් සිදුකර ගෙන ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකරන ලද විමර්ශනයේ දී සැකකරුවන් විසින් ඉදිරිපත් කර ඇති බදු ඔප්පුව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට විමර්ශන නිලධාරීන්ට අනාවරණය වී තිබෙනවා.

පසුව නිලධාරීන් කණ්ඩායමක් එම හෝටලය නැවත ඉදි කරන ස්ථානය වෙත ගොස් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (14) දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

ඒ, අනුව එම සැකකරුවන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

එමෙන්ම මෙම ප්‍රශ්න සහගත ඉඩම රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමෙන් පසු එය රජය සතු ඉඩමක් බවට වාර්තා කර තිබෙනවා.

මෙම සැකකරුවන් පොදු දේපල පනතේ 5(1), 5(2) වගන්ති යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 32 වගන්තිය සමඟ කියවෙන 433 වගන්තිය යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
12
+1
5
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?