Empty Ad
AFC Banner

ශාන්තිපුර පියුම් මාමා තැපැල්හලේ දී ම මරුට

නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්‍යාලය යටතේ ක්‍රියාත්මක වන ශාන්තිපුර උප තැපැල් කාර්‍යාල පරිශ්‍රයේ හදිසි මරණයක් පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වසර 15ක කාලයක් උප තැපැල් කාර්යාලයේ තැපැල් ලිපි බෙදාහැරීමේ නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටි සුප්පයියා බාලක්‍රිෂ්ණන් නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

ඔහු සුපුරුදු පරිදි අද (03) පෙරවරුවේ සිය රාජකාරි කටයුතු සඳහා සේවා ස්ථානයට පැමිණීමෙන් මිනිත්තු 15කට පමණ පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රාජකාරියට පැමිණ සුළු වේලාවකට පසුව මේසය මත හිස තබාගෙන සිටියදීයි මෙම මරණය සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

මෙම මරණයට මෙතෙක් හේතුවක් හෙළි වී නැහැ.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ගෙන යාමට නියමිතයි.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පවුලේ අයට භාරදීමට කටයුතු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?