කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 කට එළඹෙන මැයි 06 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කරනු ලැබුවා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එහිදී වග උත්තරකාර තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව වග උත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් නොකරන බව සඳහන් කළා.

මෙම නාමයෝජනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් නීත්‍යානුකූලව කටයුතු කර තිබෙන බවත් කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ අදාළ ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා යළි භාරගන්නා ලෙස අදාළ තේරීම්ර භාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගනු ලැබූ තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළා.

ඉන් අනතුරුව එසේ ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් තවත් රිට් ආඥාවක්ද තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කෙරුණා.

ඒ, අනුව උඩපළාත, පාතදුම්බර, පන්විල, අකුරණ, හාරිස්පත්තුව, හඟුරන්කෙත, කුලියාපිටිය ඇතුළු ප්‍රාදේශීය සභා ගණනාවක මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට එහිදී නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05