ශාන්තිකර්මයක දී තැඹිලි බී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු අද (ඡායාරූප)

නාවුල, ලග්ගල ප්‍රදේශයේ නිවසක පැවති ශාන්තිකර්මකදී තැඹිලි පානය කිරීමෙන් මියගිය බව කියන කාන්තාවගේ දේහය ඇය පදිංචිව සිටි මඩාටුගම, කිතුල්හිටියාව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (19) පස්වරුවේ රැගෙන ආවා.

ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක ඉකුත් 16 වනදා එම ශාතිකර්මය පවත්වා තිබූ අතර, එහිදී ශාන්තිකර්මය සිදුකළ 25 හැවිරිදි කට්ටඩියා විසින් අදාළ කාන්තාවට තැඹිලි ගෙඩි 21ක් සහ කහ දියර පානය කිරීමට ලබාදී තිබුණා.

එහිදී අසාධ්‍ය තත්ත්වයට පත් කාන්තාව රෝහල් ගත කිරීමෙන් පසු දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියේ 48 හැවිරිදි වියේ පසු වූ තිදරු මවක්.

මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (19) අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. අමීර් ලාෆික් විසින් සිදුකර තිබුණා.

මිය ගිය කාන්තාවගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරමින් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ (19) පස්වරු 6.00ට පමණ එම දේහය ඇය පදිංචිව සිටි මඩාටුගම කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවස වෙත රැගෙන ඒමට පවුලේ ඥාතීන් කටයුතු කර තිබුණා.

දේහය නිවසට රැගෙන එන අවස්ථාවේ මඩාටුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මිය ගිය කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අදාළ ශාන්තිකර්මය මෙහෙයවූ බව කියන කට්ටඩියා ගල්කිරියාගම, දානියගම ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, ඔහුගේ සහායට ගල්කිරියාගම, දඹේවටන ප්‍රදේශයේ පදිංචි පෙම්වතිය ද පැමිණ තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
11
+1
7
+1
15
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21