AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පළමු කොරෝනා ආසාදිත මරණය වාර්තාවෙයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත පළමු මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල පොලිස් කොට්ඨාශයේ සේවයේ නියුක්තව සිටි 59 හැවිරිදි වියේ පසුවූ උප පොලිස් පරීක්ෂකවරයෙක්.

ඔහු පසුගිය 03 වනදා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොණරාගල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

එහිදී සිදුකළ PCR පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

තිදරු පියෙකු වන මෙම උප පොලිස් පරීක්ෂකවරයා විශ්‍රාම යාමට ආසන්නව සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ.

කෙසේ වෙතත් ඔහුගේ අවසන් කටයුතු කොරෝනා මර්දන මාර්ගෝපදේශවලට අනුවයි සිදුකිරීමට නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?