AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය විරෝධී හැසිරීම් එළියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් යලි සමාජයේ දැඩි කතා බහක් මතු වුනේ එංගලන්ත පළමු ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කාඩ් ක්‍රීඩාවේ නිරත වීමත් සමගයි.

එය සිදු වී දින කිහිපයක් ගතවන්නට මත්තෙන් තවත් සිදුවීමක්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටින ගාල්ල හෝටලයෙන් වාර්තා වුනා.

අදාළ සිදුවීමට මුල් වී ඇත්තේ මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

අදාල ක්‍රීඩකයා සහ මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුයුක්ත කල වෛද්‍යවරිය අතර සමග පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතර තුර විනය විරෝධී
ක්‍රියාවක නිරත වී ඇති බව සඳහන්.

පසුගියදා නිමා වූ දකුණු අප්‍රිකානු තරග සංචාරය අතර තුරද අදාළ ක්‍රීඩකයා ඇතුළු තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙම වෛද්‍යවරිය සමග විනය විරෝධී ලෙස හැසිරී ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.

පනින රිලවුන්ට ඉනිමං බඳිනවා වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස ගැන සිතා හෝ මෙවැනි ක්‍රීඩකයින් සම්බන්දයෙන් ඉක්මන් පියවරක් ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම නොවන්නේද…?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?