ශ්‍රී ලංකා ආර්ථිකයේ නිරුවත ට්විටර් පණිවිඩ පහකින් හෙළිවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත ඉතා ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බව ජේෂ්ඨ ව්‍යාපාරික මාධ්‍යවේදියකු වන ශිහාර් අනීස් අනාවරණය කරනවා.

අවස්ථා පහකදී නිකුත් කෙරෙන මෙම ට්විටර් පණිවිඩ හරහා මෙම මාධ්‍යවේදියා සඳහන් කරන්නේ වත්මන් ප්‍රවණතාව අනුව තවත් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඛනිජ තෙල් ගෙන ඒමටත් මුදල් නැති වීමේ අවදානමක් ඇති බවයි.

ශ්‍රී ලංකාවට ලබන ජනවාරියේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය වාරිකයක් ගෙවීමට ඇති අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දිගින් දිගටම පවසන්නේ එම ණය වාරික ගෙවීම ප්‍රමාදයකින් තොරව සිදුකරන බවයි.

කෙසේ වෙතත් මේ වන විට මෙරට ආර්ථිකයේ උද්ගතව ඇති තත්ත්වය අනුව එම ණය වාරික ගෙවීම් ද බරපතළ අවුල් සහගත තත්ත්වයකට වැටී ඇති බවයි ශිහාර් අනීස් අනිත් විශ්ලේෂණය කරන්නේ.

නොවැම්බර් මාසය අවසන් වන විට මෙරට තුළ සංචිත පහළ වැටීම 40.2% විය හැකි බවට පුරෝකථනය කරන ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ නිල සංචිත පහළ වැටීමේ ප්‍රතිශතය ද  30.1%ක් බවයි.

නොවැම්බර් මස මුලදී ඇමරිකානු ඩොලර් බිලියන 2.3 තිබූ මෙරට නිල සංචිත ප්‍රමාණය 1.6 දක්වා පහළ බැස තිබෙනවා.

 එමෙන්ම ජනවාරි මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 500 ක ණය වාරිකයක් ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු වන අතර ඒ සඳහා ඒ වනවිට මෙරට මහ බැංකු සතු විදෙස් මුදල් සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකක් පමණ වනු ඇති බවටයි මෙම ජේෂ්ඨ මාධ්‍යවේදීයා පුරෝකතනය කරන්නේ.

මෑතකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිදු කළ ඉන්දීය සංචාරය තුළදී ලාපොරොත්තු වූ ප්‍රමාණයේ මූල්‍යමය සවිමත් භවයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඉන් මෙරට ආර්ථිකයට එක් වන්නේ ද ඇමරිකානු ඩොලර් මිලියන 400 කට සන්න ප්‍රමාණයක්.මේ අතර මෙරට ආර්ථිකයේ ඉදිරි මාස හය සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ හෙළි කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක සෘජු විදෙස් ලැබීම් මෙරට ආර්ථිකයට එක්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?