ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි (වීඩියෝ)

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. ඒ අද දිනයේ කොරෝනා ආසාදිතයින් 826 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 517 ක්. මේ අතර, කළුතර – දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසම ද අද පස්වරු 6 සිට හුදකලා කෙරුණා.

මේ දිනවල ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් බවට විශේෂඥයින් මත පළ කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ පෙනහළු වලට හානි වීමෙන් පසුව බවයි.

රුසියානු ස්පුට්නික් එන්නත තවත් දින කිහිපයකින් දිවයිනට ළගා වනු ඇති බවත්, අනතුරුව එන්නත්කරණයේ දෙවන අදියර ආරම්භ කරන බවත්, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, එක් ආසාදිතයෙකුගෙන් වෛරසය බොහෝ පිරිසකට සම්ප්‍රේෂණය වන තත්ත්වයක්ද දක්නට ලැබෙන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

එසේම, ඇතැම් නීති රීති ලිහිල් කිරීම නිසා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පවතින තත්ත්වය හමුවේ මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය හා දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළු නිරෝධායන නීති සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයෙන් වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීම ඉතා වැදගත්.

අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මුහුණු ආවරණ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන බවයි කියා සිටියේ.

මේ අතර, පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කළුතර – දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසම අද පස්වරු 6 සිට හුදකලා කෙරුණ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය මෙන්ම, තිත්තවැල්ගාල සහ නිරාවිය, නිකදළුපොත යන ග්‍රාම සේවා වසම් ද මේ වනවිට හුදකලා කර තිබෙනවා.

මේ අතර, මොනරාගල – ඇතිමලේ පොලීසියේ 15 දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

උණ රෝග ලක්ෂ පෙන්නුම් කළ පොලීසියේ 4 දෙනෙකුට සිදුකළ කොරෝන පරීක්ෂණයකදී ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකළ පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, මාස 2 ක් වයසැති බිලිඳෙකු ඇතුළු ආසාදිතයින් 65 දෙනෙකු වාර්තා වීමත් සමඟ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ නිවාස රැසක පිරිස් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

වාර්තා වූ රෝගීන් අතරින් 10 දෙනෙකු සුපිරි වෙළඳසැල් දෙකක සේවය කළ අය වන අතර එම සුපිරි වෙළඳසැල් දෙක තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සමන්තිකා විජේසුන්දර සඳහන් කළේ.

දැරණියගල – ඉලුක්තැන්න ග්‍රාමයේ සිදුකළ කොරෝනා පරීක්ෂණ 10 කින් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ හෙට පැවැත්වීමට නියමිත දැරණියගල සතිපොල ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

ඉන්දීය මුහුදු සීමාව ආසන්නයේ ධීවර කටයුතුවල නිරතව යළි ගොඩබිමට පැමිණෙන ධීවරයින් අහඹු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් බේරුවල ධීවර වරාය මගින් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, එම වරාය ආශ්‍රිතව ධීවරයන්, මත්ස්‍ය ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් ඉලක්ක කර අද දිනයේදී කොරෝනා පරීක්ෂණ 410 ක් සිදුකළ බවයි බේරුවල ධීවර වරායේ කළමනාකාර එරංග එඩ්වඩ් කියා සිටියේ.      

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09