AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රි ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධාන අනතුරු ඇඟවීමක්

කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් පවතින අවදානම තවදුරටත් එලෙසම පවතින බැවින් සංචරණ සීමා ලිහිල් කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට අනතුරු අඟවනවා.

ඇමරිකානු කලාපයේ රටවලින් පමණක් මිලියන ගණනක් ආසාදිතයන් සතිපතා හඳුනාගැනෙන අතර, යුරෝපය තුළද විශාල වශයෙන් මේ වනවිට ආසාදිතයන් වාර්තාවෙමින් පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරී මයික් රයන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නව කොරෝනා රැල්ලක ව්‍යාප්තියේ ආරම්භක අවස්ථාවට රටවල් රැසක් මේ වනවිට මුහුණ දෙමින් සිටින බවයි.  

ඒ හේතුවෙන් තවමත් දැනට පනවා ඇති සංචරණ සීමා ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතු බව ඔහු සඳහන් කළා.  

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපය භාර අධ්‍යක්ෂ වෛද්‍ය මට්ෂිඩ්සෝ මොයට් ද ප්‍රකාශ කළේ අප්‍රිකානු මහද්වීපය තුළ කොරෝනා තුන්වන රැල්ල දරුණු වී ඇති බවයි.

රටවල් 53 කින් 36 කම පසුගිය මාස දෙකක කාලය තුළ මරණ හා රෝහල් ගතවීම් අඩුවීමත් සමඟ පැනවූ සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානී හෑන්ස් ක්ලූග් ද කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු සංචරණය තෝරා ගන්නේ නම් එහි වගකීමද ඔහු හෝ ඇය විසින් භාරගත යුතු බවයි.

ඊයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 1,243 අතරින් වැඩිම පිරිසක් එනම්, 223 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොළඹින් 183 දෙනෙකු, ගම්පහින් 168 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර යාපනය – අච්චුවේලි පොලිසියේ නිලධාරියෙකුගේ විවාහ මංගල උත්සවයට සහභාගිවූ තවත් හතරදෙනෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

පසුගියදා අදාළ විවාහ මංගල උත්සවයට සහභාගි වූ අයෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟ අච්චුවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් අටදෙනෙකු ඇතුලු 64 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැනුනේ.

එමෙන්ම අම්බලන්ගොඩ – හිරේවත්ත මෝදර මහ දේවාලයට පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමෙන් පසු හදිසි මරණ පරීක්ෂණය සහ කොරෝනා පරීක්ෂණය සිදුකිරීම සඳහා දේහය බලපිටිය මූලික රෝහල වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?