ශ්‍රී ලාංකික ළමයින් විදේශයන්ට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක්

ශ්‍රී ලාංකික බිළිඳුන් විදේශිකයන්ට දරුකමට හදා ගැනීම සඳහා විකිණීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර ප්‍රදේශයේ සිට මෙම මහා පරිමාණ ළදරු ජාවාරම මෙහෙයවන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අනාවරණය කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේ පුරවැසියෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ වහාම පරීක්ෂණයක් පවත්වා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පොලිසිය නිවේදනය කළේ ශ්‍රී ලාංකික ළමයින් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් කර තිබු බවයි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයටයි.

සිදු කරන ලද විමර්ශනයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18ට අඩු දමිළ ළමයින් මැලේසියාව වෙත යවන බවට හඳුනාගෙන තිබෙනවා.

මෙරටින් මැලේසියාවට යාම සඳහා මෙම ළමයින්ට නිත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරන අතර මැලේසියාවේදී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය, බ්‍රිතාන්‍ය වැනි රටවල් වෙත යොමු කරන බවටයි හෙළිවී ඇත්තේ.

මේ ආකාරයට මේ වන විට මෙරටින් ළමයින් 13 දෙනෙකු පමණ මැලේසියාවට පිටත් කර යවා ඇති බව ද සඳහන්.

මේ සඳහා අතරමැදි ජාවාරම්කරුවෙකු සම්බන්ධ වී සිටින බවට ද පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?