ශ්‍රී ලාංකික ළමයින් විදේශයන්ට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක්

ශ්‍රී ලාංකික බිළිඳුන් විදේශිකයන්ට දරුකමට හදා ගැනීම සඳහා විකිණීමේ සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර ප්‍රදේශයේ සිට මෙම මහා පරිමාණ ළදරු ජාවාරම මෙහෙයවන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අනාවරණය කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නෝර්වේ පුරවැසියෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ වහාම පරීක්ෂණයක් පවත්වා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පොලිසිය නිවේදනය කළේ ශ්‍රී ලාංකික ළමයින් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් කර තිබු බවයි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශයටයි.

සිදු කරන ලද විමර්ශනයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18ට අඩු දමිළ ළමයින් මැලේසියාව වෙත යවන බවට හඳුනාගෙන තිබෙනවා.

මෙරටින් මැලේසියාවට යාම සඳහා මෙම ළමයින්ට නිත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරන අතර මැලේසියාවේදී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය, බ්‍රිතාන්‍ය වැනි රටවල් වෙත යොමු කරන බවටයි හෙළිවී ඇත්තේ.

මේ ආකාරයට මේ වන විට මෙරටින් ළමයින් 13 දෙනෙකු පමණ මැලේසියාවට පිටත් කර යවා ඇති බව ද සඳහන්.

මේ සඳහා අතරමැදි ජාවාරම්කරුවෙකු සම්බන්ධ වී සිටින බවට ද පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශ වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04