AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලාංකිකයෙකුට විදෙස් රටකදී ලොතරැයියක සුපිරි ජයක්

අබුඩාබි බිග් ටිකට් (Abu Dhabi Big Ticket) හි නවතම දිනුම් ඇදීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ඩිරාම් මිලියන 20ක ත්‍යාගයක් ජයග්‍රහණය කර තිබෙනවා.

අදාළ ලොතරැයියේ 255 දිනුම් වාරයේ ජයග්‍රාහකයා ලෙස තුරෙයිලිංගම් ප්‍රභාගර් (Thurailingam Prabagar) නම් මෙම ශ්‍රී ලාංකිකයා සුපිරි ත්‍යාගයේ හිමිකරු බවට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුරෙයිලිංගම් මීට වසර 16 කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි අයෙක් වන අතර ඔහු දැනට ඩුබායි හි වැලට් සේවා සමාගමක අධීක්ෂකවරයෙකු ලෙස රැකියාවේ නිරත වෙමින් සිටිනවා.

ඔහු පසුගිය අගෝස්තු මස අවසාන සතියේ අදාළ ලොතරැයියේ ප්‍රවර්ධන වැඩසටහනක් මගින් ඔහුගේ ජයග්‍රාහී ටිකට්පත අන්තර්ජාලය හරහා මිලදී ගෙන තිබුණා.

එම ප්‍රවර්ධන වැඩසටහන වී ඇත්තේ ලොතරැයි දෙකක් මිලදී ගත් විට තවත් දෙකක් නොමිලේ ලබාදීමයි.

මෙම ශ්‍රී ලාංකිකයා අබුඩාබිහි සිය මිතුරන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ පසුගිය වසර පහ පුරා මෙම ලොතරැයි මිලදී ගෙන ඇති අතර ජයග්‍රහණයෙන් පසුව ද එය අඛණ්ඩව මිලදී ගැනීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.

තුරෙයිලිංගම් ප්‍රභාගර්ගේ විශාල ජයග්‍රහණය ගැන ඔහුගේ ළමා කාලයේ සිට මේ දක්වා සිටින මිතුරාගෙන් විමසූ විට ප්‍රකාශ කර ඇත්තේ මෙම ජයග්‍රහණය විශාල කම්පනයක් ඇති කළ බවයි. තවමත් කම්පනයෙන් මිදී නොමැති අතර මෙම ජයග්‍රහණය තම ජීවිත වෙනස් කරනු ඇතැයි විශ්වාස කරන බව මිතුරා ප්‍රකාශ කර තිබෙනවා.

ඩිරාම් මිලියන 2ක ජයග්‍රාහී මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 176,208,901ක් පමණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
1
+1
18
+1
9
+1
2
+1
2
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?