ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුට ප්‍රංශ අධිකරණයකින් දඬුවම්

උතුරු ප්‍රංශයේ අධිකරණයක් විසින් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

යුරෝපය පුරා මිනිස් ජාවාරම් වළල්ලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ලවී ඇති බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ.

පැරිස් නුවර සිට සිට කිලෝමීටර් 80ක් උතුරින් පිහිටි සෙරිෆොන්ටේන් ගම්මානයේ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යමින් ජාවාරම සිදු කල බවට චෝදනා ලැබූ ප්‍රධාන සැකකරුට වසර හතරක සිරදඬුවමක් සහ වසරක අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරුණා.

නැගෙනහිර යුරෝපයේ නිලධාරීන්ට අල්ලස් ලබා දී යුක්රේනයේ සිට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ සංක්‍රමණිකයන් ගෙනයාම සඳහා ඔහු මිල ගණන් සහ මාර්ග සැලසුම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ වෙසෙන පිටුවහල් කිරීමේ ඉල්ලීම්වලට එරෙහිව සටන් කරන තවත් සැකකරුවෙකුට වසර පහක සිරදඬුවමක් ලබා දුන් අතර අනෙක් අයට කෙටි කාලීන සිරදඬුවම් නියම වී තිබෙනවා.

මෑත වසරවලදී වැඩි වැඩියෙන් සංක්‍රමණිකයින් යුරෝපය දෙසට ගමන් කිරීමත් සමඟ ජාවාරම්කකරුවන් වර්ධනය වී ඇති අතර බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍යයට පැමිණීමට බලාපොරොත්තු වන බව සඳහන්.

එක්සත් රාජධානියේ රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සංක්‍රමණිකයන් 45,000 කට වැඩි පිරිසක් 2022 වසරේ දී යුරෝපයේ සිට බ්‍රිතාන්‍යයට අනතුරුදායක ලෙස ගමන් කළ අතර, එය පෙර වසරේ වාර්තාව වූ 17,000 ඉක්මවා යාම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?