ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුට ප්‍රංශ අධිකරණයකින් දඬුවම්

උතුරු ප්‍රංශයේ අධිකරණයක් විසින් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

යුරෝපය පුරා මිනිස් ජාවාරම් වළල්ලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ලවී ඇති බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ.

පැරිස් නුවර සිට සිට කිලෝමීටර් 80ක් උතුරින් පිහිටි සෙරිෆොන්ටේන් ගම්මානයේ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යමින් ජාවාරම සිදු කල බවට චෝදනා ලැබූ ප්‍රධාන සැකකරුට වසර හතරක සිරදඬුවමක් සහ වසරක අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරුණා.

නැගෙනහිර යුරෝපයේ නිලධාරීන්ට අල්ලස් ලබා දී යුක්රේනයේ සිට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ සංක්‍රමණිකයන් ගෙනයාම සඳහා ඔහු මිල ගණන් සහ මාර්ග සැලසුම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ වෙසෙන පිටුවහල් කිරීමේ ඉල්ලීම්වලට එරෙහිව සටන් කරන තවත් සැකකරුවෙකුට වසර පහක සිරදඬුවමක් ලබා දුන් අතර අනෙක් අයට කෙටි කාලීන සිරදඬුවම් නියම වී තිබෙනවා.

මෑත වසරවලදී වැඩි වැඩියෙන් සංක්‍රමණිකයින් යුරෝපය දෙසට ගමන් කිරීමත් සමඟ ජාවාරම්කකරුවන් වර්ධනය වී ඇති අතර බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍යයට පැමිණීමට බලාපොරොත්තු වන බව සඳහන්.

එක්සත් රාජධානියේ රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, සංක්‍රමණිකයන් 45,000 කට වැඩි පිරිසක් 2022 වසරේ දී යුරෝපයේ සිට බ්‍රිතාන්‍යයට අනතුරුදායක ලෙස ගමන් කළ අතර, එය පෙර වසරේ වාර්තාව වූ 17,000 ඉක්මවා යාම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56