AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මකවීමත් පෙර අවිශ්ක ක්‍රීඩාගාරයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින තරගය මීට සුළු මොහොතකට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව ආරම්භක පිතිකරුවන් ලෙස නායක කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසියා.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර පළමු කඩුල්ල ලෙස පන්දු පහකට මුහුණ දී සිටි අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට හරවා යවන්නට පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ වේග පන්දුයවන ක්‍රීඩක රිචඩ් න්ගාරාවට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
14
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?