ශ‍්‍රී ලංකා රාජ්‍ය කඩා වැටීමේ අවදානමක විද්වතුන් මත පළ කරයි

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී ජනතා ඉල්ලීමට සහ අපේක්ෂාවන්ට සංවේදීව කන්දී රට මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා විනිවිදභාවයකින් සහ අවංකව, විශ්වසනීය වැඩපිළිවෙලක් වහාම සකස් කළ යුතුව ඇතැයි කොළඹ තරුණ බෞද්ධ සංගමය අවධාරණය කරයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා පැවසුවේ රට මුහුණ දෙන උග්‍ර විනිමය අර්බුදය හේතුවෙන් ඇතිවී තිබෙන පීඩනය හමුවේ ජනතා අරගලයක් ඇතිවී තිබෙන බවයි. මේ නිසා, ඉදිරියේදී රාජ්‍ය කඩා වැටීමට හැකි බවත් එය ආණ්ඩුවක් කඩා වැටීමට වඩා දරුණු තත්ත්වයක් වනු ඇති බවත් මෙහිදී ජයසේකර මහතා පැවසීය.

“මේ ජනතා අරගලය ඉදිරියේදී තවත් උත්සන්න වෙන්න පුළුවන්. එවිට ඇතිවිය හැකි බැරෑරුම්ම අර්බුදය තමයි රාජ්‍ය කඩා වැටීමට තිබෙන අවධානම. එය ආණ්ඩුවක් කඩා වැටුණාට වඩා දරුණු තත්ත්වයක්. ආණ්ඩුවක් කඩා වැටුණම ඕනම කෙනෙකුට ආයෙත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. නමුත්, රාජ්‍ය කඩා වැටුණොත් එය බරපතල ප්‍රශ්නයක්.“

මේ නිසා, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රටට වගකියන සියළුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී එක්වී රට බේරාගැනීම සඳහා අඩුම ගණනේ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ කොළඹ තරුණ බෞද්ධ සංගමය මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලේකම් මද්දුමගේ ආරියරත්න මහතා, භාණ්ඩාගාරික ප්‍රසන්ත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11