ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී ඊයේ (25) පස්වරුවේ පැවැත් වුණා.

ඒ, අනුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයාව මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවා.

අනතුරුව ඔවුහු සුහද කතාබහකට ද එක් වුණා.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජයීය සහ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළා.

ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළ මෙහිදී අගය කළ මහලේකම්වරයා, ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත්, ඊට පූර්ණ සහයෝගය පළ කරන බවත් ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන අය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22