ශ්‍රී ලංකා යෞවනයින්ට හිස් අතින්ම ගෙදර එන්න වෙයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02) සිදුවුණා.

ඒ, දකුණු අප්‍රිකානු 19 පහළ කණ්ඩායම සමග පැවති තරගයෙන් දරුණු පරාජයක් හිමිවීමත් සමගයි.

සුපිරි හය වටයේ පැවති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණේ ලකුණු 119කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 232ක් රැස් කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී පන්දුවාර 22යි පන්දු 03ක් තුළ රැස්කරගත හැකි වූයේ ලකුණු 119ක් පමණයි.

ශ්‍රී ලංකාව සුපිරි 06 වටයේ සහභාගී වූ පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම ඉදිරියේ පරාජය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
11
+1
4
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?