ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයෙන් නෙරපයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්‍ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා භාරදී තිබූ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසක් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට සූදානම් වන බවටයි පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසකට සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ ලිපි නිකුත් කරමින් සිටින බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එම පාක්ෂිකයන් ඉවත් කර ඒ වෙනුවට නව සාමාජිකයින් පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) බදුල්ලේදී පැවති දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ රැස්වීමක් අමතමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48