ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයෙන් නෙරපයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්‍ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා භාරදී තිබූ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසක් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට සූදානම් වන බවටයි පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසකට සාමාජිකත්වයෙන් ඉවත් කිරීමේ ලිපි නිකුත් කරමින් සිටින බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එම පාක්ෂිකයන් ඉවත් කර ඒ වෙනුවට නව සාමාජිකයින් පත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) බදුල්ලේදී පැවති දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ රැස්වීමක් අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
12
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?